ශ්‍රී ලංකා

කොකුතුඩුවායී සමූහ මිනීවළට එල්.ටී.ටී.ඊ සම්බන්ධය ගැන හෙළිවෙත්ම කැණීම වාර්තා කිරීමටත් සීමා (PHOTOS)

මුලතිව් කොකුතුඩුවායී සමූහ මිනී වළෙන් සම්පූර්ණ මිනිස් ඇට සැකිළි හතරක් සහ ඇට සැකිලි කොටස් රාශියක් මෙන්ම අවි ආයුධ ඇතුලු බොහෝ දේ හමු වීමත් සමගම මාධ්‍යවේදීන්ට එම ස්ථානයේ පුවත් ලබා ගැනීම ඊයේ (11) සිට සීමා කොට තිබේ.

එම මිනිස් ඇට සැකිලිවළ හිස් කබල් අනුව ඒවා අයත් වන්නේ කාන්තාවන්ට බව මතුපිට නිරීක්ෂණ මගින් අනුමාන කොට තිබේ.

එමෙන්ම කැණීම් කටයුතූ බාරව සිටින නිලධාරීන් මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වීමද ප්‍රතික්ෂේප කරන්නට පටන් ගෙන තිබේ.

පූර්ණ හිස්කබලක්

මෙම සමූහ මිනී වලේ ඇත්තේ කොටි සංවිධානය විසින් පවත්වා ගෙන ගිය වධකාගාරයකින් ඝාතනය කරණ ලද කොටි සාමාජිකාවන්ගේ මළ සිරුරු බවට තොරතුරක් හිටපු කොටි සාමාජිකයෙකු විසින් ආරක්ෂක අංශවළට ප්‍රකාශ කිරීමේ සිද්ධියක් ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමගම මෙම සියළුම තහනම් නියෝග මාධ්‍ය වෙත පැන වී තිබේ.

මාධ්‍යවේදීන්ට මෙම සමූහ මිනීවලේ උදෑසන සිදු වූ දේ දැකබලා ගැනීමට හා ඡායාරූප ගැනීමට දිවා ආහාරය සදහා නතර කළ පසු පැය බාගයක කාලයක්ද සවස කැණීම් කටයුතු නිමා වීමෙන් පසුව පැය බාගයක්ද වන පරිදි අවසර ලබා දී අති අතර එම කාලවළදී නිලධාරීන් එම ස්ථානයෙන් බැහැරව යන අතර ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් පමණක් ඉතිරි වෙයි.

මේ තත්ත්වය නිසා කොක්කුතුඩුවායී සමූහ මිනී වළ සම්බන්ධයෙන් වූ අළුත්ම තොරතුරු ලබා ගැනීමට මාධ්‍යවේදීන්ට නොහැකි වී තිබේ.

සම්පූර්ණ මිනිස් ඇටසැකිල්ලක්

56 වෙනි ජිනීවා සමළුව පැවැත්වෙන අවස්ථාවේදී උතුරේ දෙමළ දේශපාලනඥයින් මෙම සමූහ මිනීවළ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් ඝාතනය කරන ලද පුද්ගලයින්ගේ ඇටසැකිලි බවට හුවා දැක්වීමට විශාල උත්සාහයක් ගත් නමුත් මේ වන විට එම උත්සාහය අසාර්ථක වී තිබේ.

දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ දෙමළ ජනතා සන්ධානය යන උතුරේ දෙමළ දේශපාලන පක්ෂ තුනකට අයත් මන්ත්‍රීවරු හා දේශපාලනික ක්‍රියාධරයන් මෙම සමූහ මිනී වලේ කැණීම් සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමට මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයට ගොස් ඇති අතර ඔවුන්ද උතුරේ මාධ්‍යවේදීන්ට සමූහ මිනී වළ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කොට තිබේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago