පසුගිය වසරේ ජූලි මාසයේදී ජනතා විරෝධය මැද ඉල්ලා අස්වීමෙන් පසු දැඩි නිශ්ශබ්දතාවයක් රකින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ සිය දේශපාලන ප්‍රවේශය පිළිබඳ නිවේදනය කළ දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂය සමග සක්‍රීයව එක්වී යළි දේශපාලන කරලියට පැමිණීමට සැරසෙන බව ඩේලි මිරර් වාර්තා කරයි.
දිලිත් ජයවීර විසින් මව්බිම ලංකා පක්ෂය මිලදී ගෙන පක්ෂය භාරගත් පසු පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කර නව නිලධාරී මණ්ඩලය තෝරා ගැනීමෙන් අනතුරුව මේ වනවිට නව සාමාජිකත්වය පිළිගැනිමට විවෘතව ඇතැයි වාර්තා වේ.
තවද ගෝඨාභය රාජපක්ෂගේ වියත්මග වැනි උත්සාහයක් සහිතව උගත් සහ විද්වත් පිරිස් පක්ෂයට එක් කරගැනීමේ මෙහෙයුමක් දිලිත් ජයවීර විසින් දියත් කර ඇති බව ද ඩේලි මිරර් වාර්තාවේ දැක්වේ.
එම වාර්තාවේ දැක්වෙන්නේ ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට රට සූදානම් වෙද්දී දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයට ගෝඨාභය රාජපක්ෂ සිය ආශිර්වාදය සහ පූර්ණ සහාය පළ කරනු ඇති බවය.
දිලිත් ජයවීරගේ “අරමුණ” සංවිධානය ඉදිරි මැතිවරණවලට මව්බිම ජනතා පක්‍ෂය ලෙස තරග කිරීමට එක් වූ බවත් ඒ සඳහා එක්ව කටයුතු කරන බවත් මවුබිම ජනතා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර පවසා ඇත.
හේමකුමාර නානායක්කාර පවසන්නේ ඔවුන් ඉදිරි ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වන බවය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…