ශ්‍රී ලංකා

දුම්රියෙන් වැටී තවත් පුද්ගලයෙක් මරුට !

බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතරතුරදී ධාවනය වෙමින් තිබූ දුම්රියකින් ඇදවැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට ඇති පුද්ගලයා වයස අවුරුදු 45ක පමණ අයෙකු බව පොලීසිය පවසනවා.

කෙසේ වෙතත් මියගොස් ඇති පුද්ගලයාගේ අනන්න්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවත් මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී 7ට පමණ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

අනතුරින් තුවාල ලැබූ දුම්රිය මගියා බරපතළ තුවාල සිදුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් තිබෙන බවට වාර්තා වනවා.

මෙම පුද්ගලයා දුම්රියෙන් පැන්නා ද නැතහොත් ඇදවැටුනාද යන්න සැකසහිත බව පොලීසිය වැඩිදුරටත් පවසනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago