ශ්‍රී ලංකා

දුම්රිය වර්ජනය නිසා සෙනග පිරුණු දුම්රියේ වහලය මත ගොස් අකාලේ මිය ගිය ඉංජිනේරු තරුණයා පිළිබද ඇමති ශෝකය පල කරයි !

දුම්රිය රියදුරන් විසින් ආරම්භ කර ඇති දුම්රිය වර්ජනය හේතුවෙන් සෙනග පිරුණු දුම්රියක වහලය මතින් ගමන් කිරීමට සිදුවූ තරුණයෙකු අද (12) මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ ජ්‍යෙෂ්ඨ දුම්රිය නිලධාරීන් ශෝකය ප්‍රකාශ කළේය.

අනතුරට ලක්ව මිය ගොස් ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුවෙකි.

ඔහු ගම්පහ මොරගොඩ පදිංචි ඩබ්ලිව්.ඩබ්ලිව්.අයි.ඩී. පෙරේරා ලෙස හඳුනාගෙන ඇත.

කොළඹදී පැවැත්වෙන සතිපතා කැබිනට් මාධ්‍ය හමුව ආරම්භ කිරීමට පෙර කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන සහ දුම්රිය ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එම මරණය සම්බන්ධව සිය ශෝකය පළ කළහ.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් 84 දෙනෙකු මෙම තරුණයාගේ අකල් මරණය සම්බන්ධයෙන් වගකීම භාරගත යුතු බවයි.

මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ උදෑසන දුම්රියේ වහලය මතින් ගමන් ගත් මෙම සරසවි සිසුවා අද පෙරවරුවේ හොරපේ දුම්රිය ස්ථානයේ ඉහළ පදික මාරුවේ වැදීමෙන් මියගොස් ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර් සංගමය විසින් දියත් කරන ලද වැඩවර්ජනයක් හේතුවෙන් අවම වශයෙන් දුම්රිය ගමන්වාර 20ක් පමණ අවලංගු කිරීම නිසා ධාවනය වන දුම්රියවල මගී තදබදය වැඩි වී තිබිණි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago