ශ්‍රී ලංකා

වර්ජනය නිසා දුම්රිය වාර කිහිපයක් අවලංගුයි !

පවතින දුම්රිය වර්ජනය හේතුවෙන් අද (12) උදෑසන දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වී තිබෙනවා.

දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉදිපොලගේ මහතා ප්‍රකාශ කළේ, අද උදෑසන හලාවත, ගනේවත්ත, අලුත්ගම සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය කිහිපයක් මෙලෙස අවලංගු වී ඇති බවයි.

එමෙන්ම කොළඹ සිට ධාවනයවීමට නියමිතව තිබූ කෙටි දුම්රිය ගමන් වාර කිහිපයක් ද මෙම වර්ජනය හේතුවෙන් අවලංගු වී තිබෙනවා.

කෙසේ වෙතත් මේ වනවිට රඹුක්කන, පොල්ගහවෙල, මහනුවර, මහව, කුරුණෑගල, ගාල්ල, අවිස්සාවේල්ල යන ප්‍රදේශවල සිට ධාවනය කෙරෙන දුම්රිය ධාවනය කෙරෙන බවයි එම්.ජේ. ඉදිපොලගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය, ධාවනාගාර කිහිපයක වර්ජනයක් ආරම්භ කර තිබුණා. වැටුප් වර්ධක සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමින් මෙලෙසන මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එහි ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක මහතා පැවසුවේ.

දුම්රිය ඒන්ජින් රියදුරු ශ්‍රේණියට වසර ගණනක සිට වැටුප් කේතයක් නොමැතිවීම මෙන්ම උසස්වීම් ලබා ගැනීමේ ගැටලුවක් පවතින බව ද ලේකම්වරයා කියා සිටියා.

වැටුප් කේතයක් නොමැතිවීමෙන් බඳවා ගැනීමේ පටිපාටියක් ක්‍රියාත්මක කළ නොහැකි බැවින් ඉන් සියලු දේ ඇනහිට ඇති බවයි එස්.ආර්.සී.එම් සේනානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago