වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සියලු දේශීය තරගාවලි ලබන සතියේ සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මස 22 වැනිදා ප්රමුඛ පෙළ තරගාවලිය (Major League Tournament 2023) ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සැලසුම් කර ඇත.
මේ සම්බන්ධයෙන් මේවනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටු සභාපති සමන්ත දොඩන්වල මහතා සියලුම ක්‍රීඩා සමාජ දැනුවත් කරමින් ඊමේල් පණිවුඩ යොමු කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය සති 02 පුරා ඔවුන්ගේ සියලුම තරගාවලි පැවැත්වීම අත්හිටුවා තිබුණා.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පළාත්, දිස්ත්‍රික් සහ අනෙකුත් ප්‍රධාන පෙළේ තරගාවලි සියල්ල අන්තර්ගත කරමිනි.
ඒ අතරට ‘ඒ’ කාණ්ඩයේ තරග (Tier A), ‘බී’ කාණ්ඩයේ තරග (Tier B), ප්‍රිමියර් ලීඩ් තරග, ප්‍රධාන පෙළේ තරග (Major League), එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගාවලිය යන සියලු තරගාවලි අයත්ය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…