ශ්‍රී ලංකා

වර්ජිත දුම්රිය රියදුරන් ගෙදර? අදත් දුම්රිය ගමන් වාර 139 අවලංගුයි !

දුම්රිය සේවය ගැසට් නිවේදනයක් හරහා අත්‍යවශ්‍ය සේවා කර තිබියදී වර්ජනයේ නිරතව සිටින රියදුරන් 84 ට සේවය අතහැර ගියා සේ සළකන බවට ලිපි යොමු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (13) පස්වරුවේ පැවසීය.

මේ පිළිබඳව කළ විමසුමකදී දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා අද (13) පස්වරුවේ පැවසුවේ එම රියදුරන් සම්බන්ධයෙන් පියවර ගැනීමට දුම්රිය පරිපාලන අංශයට යොමුකර ඇති බවය.

වර්ජනය නැවැත්වීමට දෙපාර්තමේන්තුවක් ලෙස දුම්රියට බලධාරීන්ට ගත හැකි පියවරක් නොමැති බවත් ඒ සඳහා ආණ්ඩුව සහ ප්‍රවාහන අමාත්‍යංශ මට්ටමින් තීරණ ගතයුතු බවත් ඒ මහතා කීය.

වර්ජනය නතර කරන බවට වර්ජකයන් කිසිඳු දැනුම්දීමක් මේ දක්වා කර නොමැති බව ද ඉදිපොළගේ මහතා වැඩි දුරටත් සඳහන් කකළේය.

මේ අතර, දුම්රිය රියදුරු වැඩවර්ජනය හේතුවෙන් අද (13) දිනය තුළ දුම්රිය ගමන් වාර 139 අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙක් පැවසීය.

අවලංගු කළ දුම්රිය ගමන් වාර 139 ට කොළඹ සහ ප්‍රාදේශීය ගමන් වාර ඇතුළත් බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago