උසස් පෙළ සමතුන් සඳහා විශේෂ දැනුම්දීමක් !

විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් කැඳවීම අද (14) සිට සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, මාර්ගගත ක්‍රමය ඔස්සේ එම අයදුම්පත් යොමුකිරීම සිදුකළ හැකි බවය.

WWW.UGC.AC.LK යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම අයදුම්පත් යොමුකළ හැකි අතර ඔක්තෝබර් 05 වන දින දක්වා ඒ සඳහා කාලය ලබා දී තිබේ.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය 04 වන දින නිකුත් කෙරුණි.

විභාගය සඳහා අපේක්ෂකයින් 263,933 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 166,938 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබේ.

මේ අතර දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාලවල සහ උසස් අධ්‍යාපන ආයතනවල සිදුවන නවක වධය සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ පොලිසිය එක්ව නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, එහිදී නවක වධය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා WhatsApp දුරකථන අංකයක් ද හඳුන්වා දී ඇති බවය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago