2023 ආසියානු කුසලාන තරගාවලියේ (Asia Cup 2023) සුපිරි සිව් දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය කොළඹ අර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී අද (14) සවස ආරම්භ වෙයි.
මෙම තරගය ජයගන්නා කණ්ඩායමට ඉන්දියාව සමඟ ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයට එක්වීමට අවස්ථාව ලැබේ.
අද තරගය සඳහා පාකිස්තාන කණ්ඩායමේ වෙනස්කම් 05ක් සිදු කෙරෙන බව වාර්තා වේ.
තරග කිහිපයකදීම අසාර්ථක වූ ආරම්භක පිතිකරු ෆකාර් සමාන් වෙනුවට මොහොමඩ් හැරිස් කැඳවා ඇති අතර, පසුගිය ඉන්දීය – පාකිස්තාන තරගයේ දී තුවාල ලැබූ සල්මන් අලි අඝා වෙනුවට සෞද් ශකීල් කණ්ඩායමට කැඳවා ඇති බව සඳහන්ය.
වේගපන්දු බලඇණියේ ප්‍රබලයන් දෙදෙනකු වන හැරිස් රවුෆ් සහ නසීම් ෂා තුවාල ලබා ඇති හෙයින් මොහම්මඩ් වසීම් සහ සමාන් ඛාන් කණ්ඩායමට නම්කර තිබේ.
මේ අතර, තුන් ඉරියව්වෙන්ම දක්ෂයකු ලෙස සැලකෙන මොහොමඩ් නවාස් නැවතත් පාකිස්තාන කණ්ඩායමට නම්කර ඇත්තේ, ෆහීම් අෂ්රෆ් වෙනුවටය.
මේ දක්වා ආසියානු කුසලාන අවසන් තරගයට ශ්‍රී ලංකාව 11 වතාවක් ක්‍රීඩා කර ඇති අතර, ඉන්දියාව 9 වතාවක් සහ පාකිස්තානය 5 වතාවක් ඊට ක්‍රීඩාකර තිබේ.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවසන් වරට පැවති එක්දින තරග 05න් තරග තුනක්ම පාකිස්තානය ජයග්‍රහණය කර ඇති අතර, තරග 02ක් එකදු පන්දුවක් හෝ ක්‍රියාත්මක නොවී විසඳුමකින් තොර ව අවසන් වී ඇත.
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…
ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ…