ශ්‍රී ලංකා

මුලතිව් සමූහ මිනී වළෙන් එල්ටිටිඊ ඇට සැකිලි 14ක් හමු වෙලා – කැණීම් බලන්න TNA මන්ත්‍රිවරුත් එති !

මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වළෙන් කොටි සාමාජිකයෙකුගේ හා තවත් කොටි සාමාජිකාවන් හතර දෙනෙකුගේ ඇට සැකිළි 14 දා හමු වී තිබේ. ඒ අනුව මේ වන විට එම සමුහ මිනී වළෙන් හමු වූ සමස්ත ඇට සැකිළි ගණන 14 ක් දක්වා ඉහල ගොස් තිබේ.

ඒවා අයත් වන්නේ එක් කොටි සාමාජිකයෙකුට හා කොටි සාමාජිකාවන් 13 දෙනෙකුට බව මූලික මතුපිට පරීක්ෂණවලදී තහවුරු කරගෙන තිබේ.

කැණීම් කටයුතු සිදු කෙරෙන ස්ථානයට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු හා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා ඇතුලු පිරිසක් පැමිණි අතර ඔවුන් මාධ්‍යයට කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් ඉල්ලා ඇති බවයි.

එමෙන්ම කොකුතුඩුවායි සමූහ මිනී වළ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලය දැනුම්වත් කිරීමට කටයුතු සූදානම් කොට ඇති බව ද මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය. එම ඇට සැකිළි සමග තිබී කොටි සාමාජිකයින්ගේ නිල ඇදුම් හා ආයුධ කොටස්ද තවත් උපකරණ කීපයක්ද අලුතින් හමු වී ඇති අතර සාමාන්‍ය ඇදුම් සහිත එකම ඇට සැකිල්ලක් හෝ එවැනි ඇදුමක කොටස් මේ වන තුරු හමු වී නොමැත.

මේ නිසා මේ සමූහ මිනී වළේ වළදමා ඇත්තේ නියත වශයෙන්ම කොටි සාමාජික සාමාජිකාවන්ගේ මළ සිරුරු බව තවදුරටත් තහවුරු වන බව මාධ්‍යයට අදහස් දක්වමින් මුලතිව් අධිකරණයේ නීතිඥ නිරංජන් මහතා පැවසීය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago