ක්‍රිකට්

Asia Cup 2023 – මහිෂ් තීක්ෂණගේ ආබාධය පිලිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක් !

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (Asia Cup 2023) 11 වැනි තරගයේ දී අද (14) ආබාධයකට ලක් වූ මහිෂ් තීක්ෂණගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාකිස්තානය සමග අද පස්වරුවේ ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන ඉනිම අතරතුර දී පන්දු රකිමින් සිටියදීයි මහිෂ් තීක්ෂණ දකුණු පාදයේ ආබාධයකට ලක් වුණේ.

කෙසේ වෙතත්, ආබාධය ද පසෙකලා ඔහු සිය අවසන් පන්දුවාර කිහිපය යොමු කිරීම කැපී පෙනුණා.

මෙම තරගයේ දී මහිෂ් තීක්ෂණ සිය පන්දුවාර 9 තුළ දී ලකුණු 42 කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔහුගේ මස් පෙරළීමක් සිදු ව ඇති බවත්, ආබාධ තත්ත්වය නිශ්චිතව හදුනා ගැනීම සදහා ඔහුව හෙට දිනයේ දී වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කිරීමට නියමිත බවයි.

ඒ අනුව එම වෛද්‍ය වාර්තාවල ප්‍රතිපල අනුව ඔහු සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට ද සති කිහිපයක් පමණක් ඉතිරිව ඇති පසුබිමකයි මහිෂ් තීක්ෂණ මෙලෙස ආබාධයකට ලක්වුණේ.

Ceylon News Factory

Recent Posts

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

41 minutes ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

3 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

4 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

4 hours ago

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාවට!

නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…

5 hours ago

ලෝක ආර්ථික සංසදයෙන් අනාගත රැකියා පිළිබඳ වාර්තාවක් එළිදැක්වේ!

ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ…

6 hours ago