ගමන් මල්ලක තිබී සොයා ගත් පුද්ගල මළසිරුර සම්බන්ධයෙන් මේ විට සිදු කළ පරීක්ෂණ අනුව තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
පොලිස් මාධ්‍ය අංශය පවසන්නේ, මෙම මළ සිරුර දමා ඇත්තේ නිල් පැහැති ගමන් බෑගයක් තුළ බවත් එය දින කිහිපයකට පෙර මියගිය පුද්ගලයකුගේ බවත්ය.
ඊයේ (15) සවස සීදූව බෙල්ලානවත්ත, කිඳිගොඩ ප්‍රදේශයේ දඬුගංඔයේ ඉවුරට නාඳුනන මළ සිරුරක් ගොඩගසා ඇති බවට සීදූව පොලීසියට 119 පණිවිඩ මධ්‍යස්ථානය මඟින් ලද පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර ඇත.
ඒ අනුව මෙම මරණකරු වයස අවුරුදු 35ත් 40ත් අතර පමණ වයසැති උස අඩි 05යි අඟල් 08ක් වන සාමාන්‍ය සිරුරක් සහිත හිසකෙස් අඟල් 02ක් පමණ දිග පිරිමි පුද්ගලයෙකු වන බව පොලීසිය පවසයි.
එමෙන්ම ඔහු රතු පැහැති කමිසයක් සහ දුඹුරු පැහැති දිග කලිසමක් හැඳ සිටි බව සඳහන්ය.
මරණකරුගේ ගෙලෙහි දකුණු පස තරු සලකුණු 07ක් සහිත පච්චයක් කොටා ඇති බවත් හිස දෙපස හා නිකටෙහි තුවාල සලකුණු දක්නට ඇති බවත් පොලීසිය සිදු කළ පරීක්ෂණවල දී සෙයාගෙන ඇත.
මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සීදූව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…