ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයේ දී පසුගිය 14 වැනිදා ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව වාර්තා වනවා.
පාකිස්තානය සමග පැවැති අදාළ තරගයේ දී පන්දු රකිමින් සිටියදීයි තීක්ෂණ දකුණු පාදයේ ආබාධයකට ලක් වුණේ.
කෙසේ වෙතත්, ආබාධය ද පසෙකලා ඔහු සිය අවසන් පන්දුවාර කිහිපය යොමු කිරීම කැපී පෙනුණා.
එම තරගයේ දී තීක්ෂණ සිය පන්දුවාර 9 තුළ දී ලකුණු 42 කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කළේ ඔහුගේ ආබාධ තත්ත්වය හදුනා ගැනීම සදහා ඔහුව ඊයේ දිනයේ දී වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කිරීමට කටයුතු කරන බවයි.
එම වෛද්‍ය වාර්තාවල ප්‍රතිපල අනුව ඔහුට අවසන් තරගය ක්‍රීඩා කළ නොහැකි බව අනාවරණය වී තිබෙනවා.
තීක්ෂණ වෙනුවට සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අවසන් මහා තරගය හෙට (17) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…