2027 වසරේ මාර්තු වන විට කොළඹ වරාය නගරයේ අවන්හල් ඉවත් කරන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට පවසා තිබේ.
කොළඹ වරාය නගරයේ ඉදිකොට තිබෙන අවන්හල් සියල්ල කොළඹ වරාය නගර ආර්ථිකයට අනුබද්ධිත විනෝදාස්වාදී ක්‍රියාකාරකම් යටතේ පවත්වාගෙන යනු ලබයි.
කොළඹ වරාය නගරය ප්‍රධාන වශයෙන් විදේශ ආයෝජන ඉලක්ක කර නිර්මාණය කර තිබිය දී මෙවැනි අවන්හල් පිහිටුවීමේ නීත්‍යානුකූලභාවය කුමක් ද යන්න පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යොමු කළ ප්‍රශ්න හමුවේ ඊට පිළිතුරු දෙමින් එම නිලධාරීන් මේ බව ප්‍රකාශ කර ඇත.
සැප්තැම්බර් 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ඇති රෙගුලාසි සලකා බැලීම සඳහා පසුගිය දා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස් ව තිබිණි.
එමෙන්ම කමිටුව මෙහි දී කොමිසමේ සාමාජිකයන්ගෙන් විමසා ඇත්තේ, මෙම අවසර ලබාදීම සහ ඉවත්කිරීම් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන තිබේ ද යන්නයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වන තොරතුරු හැකි ඉක්මනින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසට කමිටු සභාපතිවරයා විසින් කොළඹ වරාය නගරය ආර්ථික කොමිසමට සහ නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…