ලංකා ප්‍රිමියර් ලීගයේ (LPL) තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධව අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක සම්බන්ධ විමර්ශනයේ දී තරග පාවාදීමට අදාලව තවත් පුද්ගලයින් කිහිපදෙනෙකුගේ නම් ප්‍රකාශ වන බව රවීන්ද්‍ර චින්තක, අරවින්ද සිල්වා, ලසිත් මාලිංග, තිළිණ කන්ඩම්බි, ෆර්වීස් මහරූෆ් අධිකරණය හමුවේ පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ සචිත්‍ර සේනානායකගේ තරග පාවදීමේ නඩුව කැඳවූ අවස්ථාවේ දී ය.
සචිත්‍ර නැවත ඊයේ (15) උසාවියට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සචිත්‍ර විසින් ධම්මික ප්‍රසාද්ට යවන ලද වට්ස් ඇප් පණිවුඩයක් උපුටා දැක්වූයේ.
එසේ උපුටා දක්වමින් ඔහු ප්‍රකාශ කළේ රවීන්ද්‍ර චින්තක, අරවින්ද සිල්වා, ලසිත් මාලිංග, තිළිණ කන්ඩම්බි, ෆර්වීස් මහරූෆ් මෙන්ම ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් ද “මේ දේ කරන” බවට සචිත්‍ර සිය WhatsApp පනිවිඩයෙන් ධම්මික ප්‍රසාද්ට දන්වා ඇති බවය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (15) සචිත්‍රව ලබන 25 තෙක් නැවත රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළේය.
එමෙන්ම ලබන 19 දා බන්ධනාගාරයට ගොස් සචිත්‍රගෙන් වැඩි දුරටත් ප්‍රකාශයක් ගැනීම සඳහා ක්‍රීඩා වැරදි වැළැක්වීම සඳහා වන විශේෂ පොලිස් ඒකකයට අවසර ලබා දීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කළේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…