වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතය ගලවා ගත් උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ නිවසේ සහ අසල්වැසි නිවසක ආරක්ෂක කැමරා සවි කොට ඇතත් ඒවා කලක සිට අක්‍රීයව පැවැතී ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මේ අතර මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය අසලට පැමිණ ඇති වෙඩික්කරු ඊට මීටර් කීපයක් ආසන්නයේ සිට මෝටර් රථයට වෙඩි ප්‍රහාර තුනක් පමණ එල්ල කොට ඇත.
ඉන් ජීව උණ්ඩ එකක් ඔහුගේ වාහනයේ නොවැදී බිම පතිත වී තිබේ. අනිකුත් වෙඩි ප්‍රහාර දෙකම මන්ත්‍රීවරයාගේ මෝටර් රථයේ පසුපස අසුනේ දකුණු පස ජනෙල් වීදුරුවට වැදී ඊට අලාභ හානි සිදුවී තිබේ.
ඉන්ද එක උණ්ඩයක් මෝටර් රථයේ දකුණු පස අසුනේ ජනෙල් වීදුරුව පසාරු කර ගෙන වම්පස ජනෙල් වීදුරුව ද පසාරු කර ගෙන ගොස් ඇති බව විමර්ශන සිදු කළ අනුරාධපුර පොලීසිය පවසයි.
මේ අතර උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව අතර අප්‍රසාදයකට ලක් නොවූ දේශපාලඥයෙකු බවටද මින් පෙර රාජ්‍ය බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබිණි.
මේ වනවිට පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම වෙඩිතැබීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…