ධනුෂ්ක ගුණතිලක ‘අභිරහස්’ කාන්තාවක් සමඟ උසාවියෙන් පිටත පෙනී සිටියි !

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ තරුණියක සමග ලිංගික කටයුතුවල නිරතවීමේ දී තමා කිසිදු නීති විරෝධී ක්‍රියාවක නිරත නොවු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පවසා ඇත.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දිස්ත්‍රික් අධිකරණයක් හමුවේ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පළමුවෙන් චෝදනා 04 ක් ගොණු කර තිබූ නමුත් එයින් 03 ක් මේ වනවිට ඉවත් කරගෙන ඇත.

තරුණියගේ කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල නිරතවීමේ චෝදනාව පමණක් ඔහුට එරෙහිව තවමත් පවති.

අද අධිකරණයේ දී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් සඳහන් කෙරුණේ සිය සේවාදායිකාවට එක් අවස්ථාවකදී මරණ බිය පවා දැනී ඇති බවයි.

“මට මතකයි ඩැනී මාව හුස්ම හිරකරලා එක අතක් මගේ බෙල්ලට තියලා අනිත් අත ඇඳ උඩ තියාගෙන තත්පර 20-30ක් මාව හුස්ම හිර කළා” යැයි අදාළ කාන්තාව පවසා තිබුණි.

ඇය උසාවියට ​​පැවසුවේ හුස්ම හිරවීම අවම වශයෙන් තුන් වතාවක් සිදු වූ බවත් එක් අවස්ථාවක දී ඔහුගේ දෑත් ඉවත් කිරීමට උත්සාහ කළ බවත්ය. ධනුෂ්ක තමාව හුස්ම හිරකරද්දී සිනා සෙමින් සිටිනු තමා දුටු බව කාන්තාව පවසා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර අද උදෑසන විනිසුරු සාරා හගෙට් ඉදිරියේ අපේක්ෂිත සිව්දින නඩු විභාගයට පෙර ධනුෂ්ක ගුණතිලක, තවත් කාන්තාවක් සමඟ අත්අල්ලාගෙන අධිකරණ සංකීර්ණයට පැමිණ සිටීම ද විශේෂත්වයක් විය. කෙසේ නමුත් ඇය කවුරුන් දැයි මාධ්‍ය මෙතෙක් නිෂ්චිතව වාර්තා කර නොමැත.

මෙම සිදුවීම ධනුෂ්ක ගුණතිලකගේ නඩුවට බලපෑමක් සිදු කරන නිරූපිත පෙලඹවීමක් බවට ද විදෙස් මාධ්‍ය කරුණු වාර්තා කොට තිබුණා.

TEAM CNF 02

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago