Uncategorized

ප්‍රවීන නිවේදිකා රම්‍යා ශ්‍රියාණි දිවි ගමනට සමුදෙයි !

සේවා සම්මානිත ගුවන් විදුලි නිවේදිකාවක, හඬ රංගනවේදිනියක මෙන්ම ගුවන්විදුලි නාට්‍ය ශිල්පිණියක් හා ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක ද වන රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය අද(18) අභාවප්‍රාප්ත වූවාය.

මියයන විට ඇය පසුවූයේ 64 වැනි වියේය.

1979 දී ගුවන් විදුලි නාට්‍ය හා විචිත්‍රාංග ශිල්පිනියක ලෙසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එක්වූ ඇය, 1981 දී සහය නිවේදක මණ්ඩලයට ඇතුළත් විය.

1988 දී ගුවන් විදුලි දෙවැනි ශ්‍රේණියේ ස්ථිර නිවේදිකාවක වූ රම්‍ය ශ්‍රියානි පතිරණ මහත්මිය 1994 දී පළමු ශ්‍රේණියේ නිවේදිකාවක ලෙස ගුවන් විදුලිය තුළ තම දක්ෂතාව දැක්වූවාය.

2015-2016 වසර තුළ ඉහළ ශ්‍රේණිගත නිවේදන ශිල්පිනියක වූ ඇය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ වසර 38 ක් නිවේදිකාවක ලෙස සේවය කළාය.

හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළුත් කිරීමේන අනතුරුව ඇය අද(18) අළුයම ඇය අභාවප්‍රාප්ත විය.

දේහය අද පස්වරු 2.00 සිට පන්නිපිටිය, ඇරව්වල උස්වත්ත මැදපාර, අංක 304/2 දරණ නිවසේ තැන්පත් කෙරේ. අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් පැවසීය

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago