ශ්‍රී ලංකා

සුදර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාරියගේ මරණයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනේ !

ව්‍යාපාරික කාන්තාවක වන සුදර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාරියගේ මරණය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බාරයේ සිටින සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා හඳුනා ගෙන තිබෙනවා.

ඒ, ඔවුන් අද (18) හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දීයි.

ඒ සඳහා සාක්ෂිකරුවන් වශයෙන් ව්‍යාපාරික සුදර්මා නෙත්තිකුමාර, ඇයගේ සේවිකාව, රියැදුරු සහ මියගිය මෙහෙකාරිය සේවයට ලබාදුන් බ්‍රෝකර්වරයා ඇතුලු පස් දෙනකු අධිකරණය හමුවේ පෙනී සිටි බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව සැකකරුවන් තවදුරටත් ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අධිකරණය නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වැලිකඩ පොලීසියේ උප පොලිස් පරීක්ෂක අජිත් කුමාර, පොලිස් සැරයන්වරුන් වන ප්‍රේමචන්ද්‍ර බස්නායක, ගාමිණී ජයසිංහ සහ පොලිස් කොස්තාපල් මාලිංග ජයවර්ධන යන අයයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago