ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Asia Cup 2023) අවසන් මහා තරගය ඉන්දියාවට එරෙහිව අසාමාන්‍ය දක්ෂතාවක් පෙන්නුම් කරමින් පරාජයට පත්වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය අද (18) පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා පොලිස් මූලස්ථානය වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසා සිටියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම දැඩි සැකයක් පවතින බවත් තරග පාවාදී ඇත්ද යන්න සැකයක් පවතින නිසා පොලිස් මූලස්ථානයට අදාළ පැමිණිල්ල සිදු කළ බවයි.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 50කට දැවී ගිය අතර, එදා මෙදාතුර ඕනෑම අවසන් මහා තරගයක ශ්‍රී ලංකා කණ්ඩායමක් සහ වෙනත් ඕනෑම කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස ද මෙය වාර්තා අතරට එක්විය.
මියගිය ඩොල්ෆින් මසුන් කිහිපදෙනෙකුගේ සිරුරු විල්පත්තු ජාතික උද්‍යාන මුහුදු සීමාවේ කොල්ලන් කනත්ත ප්‍රදේශයේ වෙරළට ගොඩගසා…
මියන්මාරයෙන් අනවසර සංක්‍රමණිකයින් 116ක් රට තුළට පැමිණ ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ…
ලබන සතිය තුළ පැමිණීමට නියමිත පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ විසින්…
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන…
කතරගම දේවාලයේ මූල්‍ය පරිත්‍යාගයෙන් මහරගම අපේක්ෂා රෝහල සඳහා අලුතින් මුළුතැන් ගෙයක් ඉදි කිරීමට කටයුතු…
‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා…
View Comments
Good