ශ්‍රී ලංකා

ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු 8කට දූෂණ චෝදනා !

එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී වගන්ති උල්ලංඝනය කිරීමට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිලධාරීන් 8දෙනෙකු වෙත දූෂණ චෝදනා ගොනුකර ඇත.

2021 වර්ෂයේ පැවති අබුඩාබි T10 ලීගය අතරතුර සිදුව ඇති බවට පැවසෙන දුෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීමේ සිද්ධිවලට අදාළව මොවුන්ට චෝදනා ගොනුකර තිබේ.

ඒ අනුව කණ්ඩායම් සම හිමිකරුවන් වන Krishan Kumar Chaudhary සහ Parag Sanghvi වෙතද චෝදනා එල්ලවී තිබේ.

එසේම පිතිකරණ පුහුණුකරු Ashar Zaidiහට ද, සහාය පුහුණුකරුවෙකු වන Sunny Dhillon හටද, කණ්ඩායම් කළමනාකරුවෙකු වන Shadab Ahamedවෙතද මෙලෙස දූෂණ චෝදනා එල්ලවී තිබේ.

එසේම චෝදනා එල්ලවන ක්‍රීඩකයින් අතර හිටපු ශ්‍රී ලාංකික පළමු පෙළ ක්‍රීඩකයෙකු වන සාලිය සමන්ද වීම විශේෂත්වයකි.

මීට අමතරව දේශීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන Rizwan Javed හට සහ බංග්ලාදේශ ක්‍රීඩක Nasir Hossain හටද එමගින් ICCය විසින් චෝදනා ගොනුකර ඇත.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago