අද (23) රාත්‍රියේ ගාල්ල ඩික්සන් හන්දියේ දී විදුලිබල හා බල ශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ මාමණ්ඩිය වූ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරිකයෙක් වන ලලිත් වසන්ත මෙන්ඩිස් (60) වෙඩි තබා ඝාතනය කොට ඇති බව ගාල්ල පොලිසිය පවසයි.
ගාල්ලේ විශාලම නිමි ඇඳුම් අලෙවිසලේ හිමිකරුවන ඔහු සිය ව්‍යාපාරික ස්ථානයෙන් පිටත්ව මෝටර් රථයෙන් නිවස බලා යමින් සිටිය දි මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී තිබේ.
ඝාතනය වූ ලලිත් වසන්තට මෙන්ඩිස්ට ටි පනස් 56 ගිනි අවියකින් වෙඩි වරුසාවක් තබා ඇති අතර වෙඩි උණ්ඩ 15කට අධික සංඛ්‍යාවක් ඔහුගේ සිරුරට ඇතුළු වී ඇති බව පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වි ඇත.
ඔහුව ලුහුබැඳ පැමිණි යතුරු පැදියකින් පැමිණි ඝාතකයෙක් මෙකී වෙඩි ප්‍රහාරය එල්ල කොට ඇති බව සැලකෙන අතර ව්‍යාපාරිකයා රියදුරු අසුන මතදිම මියගොස් ඇති බවද පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයට ලක්වු ව්‍යාපාරිකයාගේ සිරුර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇත.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…