කාගීල්ස් ෆුඩ්සිටි (Cargills Food City) හංවැල්ල ශාඛාවේ සේවක සේවිකාවන් පිරිසක් තරුණියකට අමානුෂික ලෙස පහර දෙන CCTV දර්ශන සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.
ඇයට පහර දෙනු බලන්නේ බිම දමාගෙනය. කෙසේ වෙතත් එහි සුළමුළ මෙතෙක් හෙළි වී නැහැ.
යම් අවස්ථාවක දී අදාළ කාන්තාව නිරුවත් වන ආකාරයක් ද දැක්වෙනවා.
ප්‍රධාන වශයෙන්ම එහි සේවිකාවක් සහ සේවකයෙක් විසින් සිදුකරන මෙම පහරදීමට පෙර ප්‍රවේශ දොරටුව අගුලු ලන ආකාරය පෙනෙන්නට තිබේ.
මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමඟ බොහෝ පිරිස් අදාළ සුපිරි වෙළඳසැල් ජාලය වර්ජනය කරන බව පවසමින් සටහන් එක් කර තිබෙන අයුරු ද දැකගත හැකියි.
මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි එම සුපිරි වෙළඳසැල් ජාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.
සිය සුපිරි වෙළඳසැල් ජාලය සමඟ රැඳිසිටින සියලු දෙනාට ස්තූතිය පළ කරන බවයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…