අකුරැස්ස-ගාල්ල ප්‍රධාන මාර්ගයේ හේනගම තේ කම්හලක් ආසන්නයේදී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තරුණයෙක් මියගොස් තිබෙනවා.
එලෙස මිය ගොස් ඇත්තේ තෙලිජ්ජවිල, මාරගොඩ ප්‍රදේශයේ පදිංචි පසන් මනුෂ ගමගේ නැමති 17 හැවිරිදි තරුණයෙකි.
මෙහිදී තවත් අයෙක් තුවාල ලබා ඇති අතර, ඔහු අකුරැස්ස රෝහලට ඇතුළත් කර ඇත.
මියගිය තරුණයා තවත් අයෙකු සමග ත්‍රිරෝද රථයෙන් ගාල්ල සිට අකුරැස්ස දෙසට ගමන් කරමින් සිටින අතරතුර එම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු සුල්තානාගොඩ අකුරුගොඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…