ශ්‍රී ලංකා

බැංකුවේ සල්ලි නැහැ – අකුරැස්සේ සමෘද්ධි බැංකුවේ නිළධාරින් මුදල් ගන්න පැමිණි ගනුදෙනුකරුවන්ට කුණුහරපෙන් බැන එලවා දමයි (VIDEO)

මාතර අකුරැස්සේ සමෘද්ධි බැංකුවකින් තම තැන්පතු මුදල් ලබාගැනීමට ආපු තැන්පතු කරුවන් පිරිසකට එම බැංකුවේ නිලධාරීන් විසින් අසභ්‍ය වචනයෙන් බැණ වැදී තිබේ.

එහි නිලධාරිනියක් ලෙස පෙනී සිටි තැනැත්තියක් විසින් අසභ්‍ය වචනවලින් බැන වදින වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙයි.

තවත් නිළධාරීන් කිහිප දෙනෙක්ම බැංකුවේ මුදල් නැති බව සඳහන් කරමින් පාරිභෝගික ගනුදෙනුකරුවන්ට එළවා දැමීමට කටයුතු කළහ.

මෙම සිදුවීම වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය වාර්තාකරුට ද බලපෑම් එල්ල වී තිබෙන අතර, වාර්තා වන ආකාරයට අදාළ සිදුවීම පහත පරිදි වෙයි.

අකුරැස්ස සමෘද්ධි බැංකුවේ තැන්පත් මුදල් ආපසු ලබා නොදීම නිසා ඊයේ (24) එම බැංකුව අසල උණුසුම් තත්වයක් නිර්මාණය වුණා. සමෘද්ධි ලාභීන්ගේ ඉල්ලීම පරිදි වාර්අතා කිරීමට අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය අසල ඇති සමෘද්ධි බැංකුව ඉදිරිපිටට පැමිණීමත් සමග බැංකුවට සම්බන්ධ නිළධාරීන්ට හිතවත් කිහිප දෙනෙකු ගෙන්වාගෙන එම මිනිසුන්ගේ ගැටලුව වාර්තා කිරීම වැළැක්වීමට එහි නිළධාරීන් පිරිසක් කටයුතු කලත්, යම් මට්ටමක පාළනයකින් යුතුව ආවරණ කටයුතු සිදු කර ගැනීමට අවස්ථාව සලසා ගත්තා.

බොහෝ පිරිසක් පවසන්නේ මෙම බැංකුවට යන වාර ගණන වැඩි වී ඇති බවත් ඔවුන් සමග උණුසුම් වාද විවාද කරගෙන පමණක් රු.5000ක් වැනි අවම මුදලක් ලබා ගැනීමට සිදුව ඇති බවයි.

දුර ඈත පිරිස් විශේෂයෙන් අබල දුබල අය ත්‍රිරෝද රථවලින් පැමිණ මුදල් වියදම් කරගෙන පැමිණියත් මුදල් නොදී ආපසු හැරී යාමටත් සිදුව තිබෙන බවත් බැංකුවේ මුදල් තැන්පත් කරන ලද පිරිස් පවසයි.

මේ කරුණ සනාථ කර ගැනීමට බැංකුවේ තැන්පතු මුදල් ඉල්ලු විට කැෂියර්වරිය හමු වී එළබෙන 10 වෙනිදා මුදල් ලබා ගැනීමට පැමිණෙන ලෙසත් තැන්පතු මුදල හැර පොළී මුදල් නිදහස් නොකරන බව සහකාර කළමණාකාරිනී පැවැසුවාය.

ඇය වැඩිදුරටත් පැවසුවේ මහජන, ලංකා බැංකු වල කරන ඒවා මෙහේ බෑ. මෙහේ නීතියක් අනුව වැඩ කරන්නේ. මේක දුප්පත් බැංකුවක්. සල්ලි දෙන්නම නෑ. පොළීය දෙන්නේම නෑ. යනුවෙනි.

කෙසේවෙතත් මෙහි කළමණාකරු ඉතාම නම්‍යශීලී ගනුදෙනුකරුවන්ගේ ගැටලු විසඳීමට යම් වෙහෙසක් ගන්නා අයුරු දක්නට ලැබුණා. එහෙත් ඔහු පැවසුවේ බැංකුවේ ආරක්ෂාවක් නොමැති නිසා විශාල මුදලක් සංසරණයට යොදා නොගන්නා බවයි. කෙසේ නමුත් අදාළ සිදුවීම වාර්තා කරණයේදී බැංකු නිලධාරිනියක් හා ගැටලුව සාකච්ජා කරමින් සිටියදී තවත් නිලධාරිනියක් පැමිණ පරුෂ වචනයෙන් බැන වැදීමක් සිදු කරනු ලැබුවා.

සියලුම ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම වන්නේ කඩිනමින් තම ගිණුම් වල තැන්පත් මුදල් අවශ්‍ය අවස්ථා වලදී ලබා දීමට සියලුම බළධාරීන්ගේ අවධානය යොමු කරවන ලෙසයි.

අකුරැසස සමෘද්ධි බැංකු කළමණාකරු මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දීම ප්‍රතික්ෂේප කළ අතර මුදල් ප්‍රවාහනය හා ආරක්ෂාවේ ගැටලු නිසා මෙවැනි තත්වයක් නිර්මානය වී ඇති බවත් පවසා ලිස්සා ගියා.

උපුටා ගැනීම අවසන්
Ceylon News Factory

Recent Posts

ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට!

යූකැලිප්ටිස් වර්ගයේ ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් (19) දින උදෑසන 10:00ට පමණ පුද්ගලයෙකු එම…

1 hour ago

සරුංගල් යවන්න එපා – කටුනායක ගුවන්තොටුපළෙන් ඉල්ලීමක්!

කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ ජනතාවගෙන්…

1 hour ago

පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමේ සූදානමක්!

මෑත කාලීනව පාසල් දැරිවියන් අතර ගැබ් ගැනීම් ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව කාන්තා සහ…

2 hours ago

යතුරුපැදි සොරකම් කරන කල්ලියක් පිලිබඳ තොරතුරු අනාවරණය වෙයි – සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

යතුරුපැදි සොරකම් කරන කල්ලියක තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් සමත්ව ඇති බව…

2 hours ago

රාත්‍රී සමාජ ශාලාවකින් පොලිස් භාරයට ගත් මත්පැන් බෝතල් වල මත්පැන් වෙනුවට ආදේශක ද්‍රව්‍යයක්!

බම්බලපිටිය රාත්‍රී සමාජ ශාලාවකින් පොලිස් භාරයට ගත් මත්පැන් බෝතල් තොගයක මත්පැන් වෙනුවට ආදේශක ද්‍රව්‍යයක් තිබීම…

2 hours ago

බාලවයස්කාර පාසල් සිසුවියක් පැහැරගෙන ගි​ය තරුණයෙකු අත්අඩංගුවට!

බාලවයස්කාර පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් හපුතලේ ප්‍රදේශයේ නිවසක රඳවා තබා ගත් තරුණයෙකු ලිඳුල පොලිසිය විසින්…

4 hours ago