ක්‍රිකට්

Asian Games 2023 – රන් පදක්කම ගිලිහෙයි, ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ශ්‍රී ලංකාවට !

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ (Asian Games 2023) පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (25) සමත් වුණා.

ඒ, තරගාවලියේ අවසන් තරගයේ දී ඉන්දියාව හමුවේ ලකුණු 19 කින් පරාජයට පත් වීමත් සමගයි.

ඒ අනුව රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණේ ඉන්දීය කාන්තා කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 116 ක් රැස් කළා.

Smriti Mandhana ලකුණු 46 ක් ලබා ගත් අතර, Jemimah Rodrigues ලකුණු 42 යි. පන්දු යැවීමේ දී උදේෂිකා ප්‍රබෝදනී, සුගන්දිකා කුමාරි හා ඉනෝකා රණවීර කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 97 ක් පමණයි. අනුෂ්කා සංජීවනී එක් ලකුණකටත්, විශ්මි ගුණරත්න ලකුණු නොලබාත්, චමරි අතපත්තු ලකුණු 12 කටත් දැවී ගියා. හසිනි පෙරේරා ලකුණූ 25 ක් හා නිලක්ෂි ද සිල්වා ලකුණු 23 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වුණා. ඕෂදී රණසිංහ ලකුණු 19 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Titas Sadhu ලකුණු 6කට කඩුලු 3 ක් දවා ගැනීම කැපී පෙනුණා.

මීට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2014 වසරේ දී ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්ව තිබුණා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago