ශ්‍රී ලංකා

තවත් පළාත් දෙකක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි !

උතුරු මැද පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු දින දෙකක් තාවකාලිකව නතර කරන බව දැනුම් දෙනවා.

ඒ, අනුව හෙට (27) දිනයේ සහ ලබන මස දෙවන දිනයේ දී උතුරු මැද පළාතේ සියලුම ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කවුළු වසා තබන බවයි දැනුම් දෙන්නේ.

ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ eRL2 නව පද්ධතිය හඳුන්වාදීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ නව පද්ධතිය හඳුන්වාදිමේ කටයුතු වෙනුවෙන් 2023.09.27 සහ 2023.10.02 යන දෙදින තුල දකුණු පළාත් මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් හා දකුණු පළාතේ සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ කටයුතු සිදු නොකරන බව දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

එයට අමතරව මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) ඔස්සේ ද වාහන ආදායම් බලපත්‍ර ගැනිම 2023.09.24 දින මධ්‍යම රාත්‍රියේ සිට 2023.10.06 දිනමධ්‍යම රාත්‍රි 12 දක්වා අත්හිටුවා ඇත.

ආදායම් බලපත්‍ර නිකුත් නොකිරිම නිසා වාහන හිමියන් අපහසුතාවයට පත්විම වැළැක්විමේ අරමුණින් 2023.09.27 වනදින සිට 2023.10.06 දක්වා කාලය තුල කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර සඳහා එම කාලයට අදාලව දඩ මුදල් අය නොකරණ බවද දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ නිවේදනයේ සඳහන්වේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago