තිලීපන් සැමරුම් උත්සවය තහනම් කරමින් ත්‍රිකුණාමලය අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
අදාළ නියෝගයේ දැක්වෙන්නේ අද (26) ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ කූල කොට්ටන් ශාලාව, ගාන්ධි වටරවුම හා ත්‍රිකුණාමලය පොලිස් වසම තුළ තිලීපන් සැමරුම් උත්සවයක්, උද්ඝෝෂණයක්, පෙළපාළියක් හෝ විරෝධතාවයක් නොකරන ලෙසටය.
ත්‍රිකුණාමලය දෙමළ සංසදයේ සභාපති ආර් එෆ් ජෙරම්, ත්‍රිකුණාමලය දෙමළ ජාතික සංසදයේ කමිටු සාමාජික රමේෂ් නිකලස්, මුතූර් ආබාධිත සංසදයේ සභාපති සුහිර්ද ප්‍රියා, ත්‍රිකුණාමලය ජනතා පෙරමුණේ තරුණ සංගමයේ සභාපති ක්රිෂ්ණ පිල්ලේ ශ්‍රී ප්‍රසාත්, මුතූර් මහවිරු කමිටුවේ සභාපති කන්දයියා කාන්දීපන් නොහොත් පම්පරසන්, කාර්තික් කල්කිරියන් හා ඔවුන් විසින් පෙනී සිටින නියෝජිතයින් වෙත මෙලෙස අධිකරණ ආඥාවක් නිකුත් කර ඇත.
ත්‍රිකුණාමලය වරාය පොලීසිය අධිකරණය වෙත කළ දැනුම්දීමකට අනුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…