ශ්‍රී ලංකා

කුණුහරපෙන් බැන්න සමෘද්ධි බැංකු නිළධාරිනියට වැඩ වරදියි – දෙපාර්තමේන්තුවෙන් විනයානුකූල පියවර (VIDEO)

ගනුදෙනුකරුවන්ට පරුෂ වචනයෙන් බැනවදිමින් අශෝභන ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වූ අකුරැස්ස සමෘද්ධි බැංකුවේ කළමනාකාරිනිය ඇතුළු එහි නිලධාරීන්ගෙන් අඩුපාඩුවක් සිදුව ඇතැයි සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූ බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අකුරැස්ස සමෘද්ධි බැංකුවේ නිලධාරීන් පිළිබඳ පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා බවයි සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා කියා සිටියේ.

මෙම සිදුවීම පිළිබඳ සොයාබැලීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ගිය විමර්ශන කණ්ඩායමේ වාර්තාව ඊයේ තමන්ට ලැබුණු බවයි අධ්‍යක්ෂ ජනාරාල්වරයා සඳහන් කළේ. එහි ඇතුළත් නිර්දේශ පිළිබඳව අවධානය යොමු කර ඉදිරියේදී මෙවැනි සිදුවීම් ඇති නොවීමට පියවර ගන්නා බවද ඔහු කියා සිටියා.

මේ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝව කොටස් එකතු කර සකස් කර ඇතැයි විමර්ශන කණ්ඩායමට දැන ගැනීමට ලැබී තිබෙන බවද බන්දුල තිලකසිරි මහතා සඳහන් කළා.

අකුරැස්ස සමෘද්ධි බැංකුවේ දින තුනකදී වීඩියෝගත කළ දර්ශන එකතු කර තනි වීඩියෝවක් ලෙස සකසා එය මාධ්‍ය වෙත මුදාහැර ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් කියා සිටියේ.

අදාල වීඩියෝව පහතින්,

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago