අධ්‍යාපනික

මධ්‍යම පළාතේ 4, 5 ශ්‍රේණිවල ළමුන්ගෙන් හොඳට ‘ලියන්න – කියවන්න’ පුළුවන් 3%කට විතරයි !

මධ්‍යම පළාතේ පාසල් ළමුන්ගෙන් සිව් වැනි සහ පස්වැනි ශ්‍රේණිවල අධ්‍යන කටයුතු කරන දරුවන්ගේ සාක්ෂරතා මට්ටමෙහි සාධනීය තත්ත්වයක් පෙන්නුම් කරන්නේ 3%ක පමණ පිරිසගේ බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පළාතේ අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා සඳහන් කර සිටියේ, ඊට බලපාන ප්‍රධාන ම හේතුව කොවිඩ් වසංගත තත්ත්වය තුළ, එ සමයේ පළමු වසරට ඇතුලත් වූ දරුවන් සඳහා ප්‍රායෝගික ව අකුරු ඉගැන්වීම ඇතුළු අධ්‍යාපනයන් ලබා දීමට නොහැකි වීම බවයි.

එබැවින් අදාළ පළාත තුළ ප්‍රාථමික අංශයේ පමණක් නොව 6 – 11 ශ්‍රේණිවල දරුවන්ගේ ලිවීමේ සහ කියැවීමේ මට්ටම් මැන බලා ඔවුන්ගේ සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා වන වැඩසටහන් ද ආරම්භ කර තිබෙන බවයි එම පළාතේ අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කර සිටියේ.

මේ අතර මධ්‍යම පළාත් දරුවන්ගේ සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා ලෝක බැංකු ආධාර යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර 4 සහ 5 වසරවල දරුවන්ට කියැවීම සහ ලිවීම ඉගැන්වීම සඳහා ඒ පාසල්වල 1 සහ 2 වසරවල ගුරුවරු යොදා ඇතැයි ද 6 සිට 11 වසර තෙක් සාක්ෂරතාවය අවම මට්ටමක ඇති දරුවන්ට අකුරු ඉගැන්වීම සඳහා විශ්‍රාමික ගුරුවරුන් යොදවා ඇතැයි ද ඔහු පවසා සිටියා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago