ආර්ථික

රටේ ආදායම් හිඟය පිළිබඳ IMF කණස්සල්ලෙන් !

මේ වසරේ ශ්‍රී ලංකා රජයේ ආදායමේ හිඟයක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සිය කනස්සල්ල පල කර ඇති බව මෙරට ආරංචි මාර්ග දෙකක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

මාර්තු මාසයේදී එකඟ වූ සිව් අවුරුදු ණය පහසුකමේ පළමු සමාලෝචනයේ කොටසක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් පවත්වන සැසි වාරයේ දී මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු අධිපතිවරයා සමග ඊයේ (26) සාකච්ඡා කළේය.

අවම වශයෙන් දශක හතක් තුළ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් සෙමෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින රටට තීරණාත්මකවන වැඩසටහන ඉදිරියට ගෙන යාමට එවැනි සමාලෝචන අවශ්‍ය වේ.

“පළමු සමාලෝචනය ඉටු කිරීමට අවශ්‍ය බොහෝ අවශ්‍යතා ශ්‍රී ලංකාව සපුරා තිබෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතියත් මෙයට ඇතුළත්” යනුවෙන් එක් මූලාශ්‍රයක් රොයිටර් වෙත ප්‍රකාශ කර ඇත.

ඔවුන් රජයේ නිලධාරීන් බැවින් නම් හෙළි කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව රොයිටර් කියයි.

“නමුත් මේ වසර සඳහා ශ්‍රී ලංකාවේ ආදායම් හිඟය පිළිබඳ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ කනස්සල්ලක් තිබුණා. ඔවුන් වොෂින්ටනය සමඟ වැඩිදුර සාකච්ඡා පවත්වමින් ඉදිරියට යන්නේ කෙසේදැයි බැලීමට ඉඩ තිබෙනවා.”

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පසුගිය සතියේ වාර්තාකරුවන්ට පැවසුවේ හිඟය අදායම් හිඟය රුපියල් බිලියන 100ක් (ඩොලර් මිලියන 312ක් පමණ) විය හැකි බවය.

රජයේ ඉලක්කය වූයේ පසුගිය වසරේ ආදායම 8.3% සිට 2023 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.3% දක්වා ඉහළ නැංවීමය.

මේ සම්බන්ධව රොයිටර් කළ විමසීම් සඳහා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය ක්ෂණික ප්‍රතිචාර දක්වා නැත.

IMF, ශ්‍රී ලංකාවේ මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය අදහස් දැක්වීම සඳහා වූ ඉල්ලීම්වලට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූයේ නැත.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago