ක්‍රිකට්

ධනුෂ්ක ගුණතිලක ලිංගික අතවර චෝදනාවලින් නිදහස් – නඩුවේ තීන්දුව මෙන්න !

ඔස්ට්‍රේලියාවේ දී තරුණියකට ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාවකට ලක්ව සිටි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක එම චෝදනාවෙන් නිදහස් කර තිබෙනවා.

සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේදී විනිසුරු සාරා හගට් විසින් අද (28) මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

අදාළ චෝදනාව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවටයි විනිසුරුවරිය තීන්දු කරනු ලැබුවේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ මෙරටදී පැවති පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා පැමිණි අවස්ථාවේදී ඇප්ලිකේෂනයක් හරහා හඳුනාගත් තරුණියකට අතවර කිරීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට පළමුවෙන් චෝදනා 04 ක් ගොණු කෙරුණා.

කෙසේ වෙතත් එයින් 03 ක් පසුව ඉවත් කරගැනීමට ඔස්ට්‍රේලියානු නීති අංශ පියවර ගත්තා.

තරුණියගේ කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල නිරතවීම යන චෝදනාව යටතේ පමණක් අනතුරුව මෙම නඩු විභාගය සිදු කෙරුණා.

ධනුෂ්ක ගුණතිලකට මුල් අවධියේ දී සමාජ මාධ්‍ය තහනමක් මෙන්ම නවාතැන් ගෙන සිටින ස්ථානයෙන් පිටතට යාම පවා තහනම් කර තිබු නමුත් පසුව එම රෙගලාසි ලිහිල් කරනු ලැබුවා.

මෙම සිදුවීමට අදාළව ධනුෂ්ක ගුණතිලකට ක්‍රීඩා තරග තහනමක්ද පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබුවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago