ශ්‍රී ලංකා

අයහපත් කාලගුණයෙන් පවුල් 164කට බලපෑම් – ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ !

මේ දිනවල ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් රට තුළ ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් රත්නපුර, කළුතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක පවුල් 164ක පුද්ගලයන් 644ක් ඊයේ (29) පස්වරුව වන විට ආපදාවට ලක්ව සිටි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

මේ අතර අයහපත් කාලගුණයෙන් අර්ධ නිවාස හානි ගණන 36ක් බවත් වාර්තා වෙනවා.

ඊයේ (29) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මි.මී 120ක් ලෙස කුකුළේගඟ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

නිල්වලා, ගිං, සහ කළු ගංගාවල ද්‍රෝණිවල මෙන්ම කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් අද (30) පෙරවරුව දක්වා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ කර තිබෙනවා.

එමෙන්ම, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29ක් සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබූ දෙවැනි සහ පළමු අදියරේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් අද (30) දහවල් 12 දක්වා වලංගු වන පරිදි දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව, නෙළුව, ඉංගිරිය, පස්බාගේ කෝරළය, පිටබැද්දර, කොටපොළ, කලවාන, අයගම, ඇහැළියගොඩ, රත්නපුර, ඇලපාත, කුරුවිට, පැල්මඬුල්ල, නිවිතිගල, කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑම් පිළිබඳ අවධානයෙන් පසු වීමේ දෙවැනි අදියරයේ නිවේදනය ද ඇල්පිටිය, වලස්මුල්ල, මතුගම, වළල්ලාවිට, බුලත්සිංහල, අගලවත්ත, යටියන්තොට, රුවන්වැල්ල, දැරණියගල, දෙහිඕවිට, කෑගල්ල, මුලටියන, අතුරලිය කොළොන්න, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑම් පිළිබඳ විමසිලිමත් වීමේ පළමු අදියරේ නිවේදනය ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

නිල්වලා ගඟේ, පහළ කොටසේ එනම් අකුරැස්ස, කඹුරුපිටිය, තිහගොඩ, මාලිම්බඩ, මාතර සහ අතුරලිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් පවතිනවා.

කුඩා ගඟ අතු ගංගාවේ ගංවතුර නිම්නය ගංවතුර තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. කැලණි ගඟේ ජල ගලනය අධික වී තිබෙනවා. තවම කැලණි ගං ද්‍රෝණිය ගංවතුර තත්ත්වයකට පත්වීමේ ඉඩකඩක් වාර්තා වන්නේ නැහැ.

අත්තනගලු ඔයේ ජල ගලනය ද සැලකිය යුතු ලෙස වැඩි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇති විය හැකි බවයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago