මහියංගන රජමහා විහාරයේ වාර්ෂික පෙරහැරට ගෙන්වා තිබූ හීලෑ අලියෙකුට වන අලියෙක් යැයි වැරදි අවබෝධයකින් වනජීවී නිලධාරීන් විසින් රබර් උණ්ඩ වලින් වෙඩි තබා ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
මෙම වෙඩි පහරින් තුවාල ලබා ඇත්තේ මහරගම සීතා හස්ථියා ය.
පෙරහර බැලීමට එන පිරිස් වන අලි උවදුරින් බේරා ගැනීම සඳහා රාජකාරියේ යොදවා සිටි වනජීවී නිලධාරියෙක් විසින් මෙම අත්වැරදීම සිදු වී තිබෙන බවත් තුවාල ලද හස්ථියාට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් යොදවා මූලික ප්‍රතිකාර කළ බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
සිද්ධිය සම්බන්ධව මහියංගනය පොලිසිය වැඩිදුර පරීක්ෂණයක් අරඹා ඇති බවත් වනජීවී සහ වන සම්පත් අමාත්‍යාංශය විසින් පරීක්ෂණයක් කිරීමට නියමිත බවත් පරීක්ෂණයෙන් පසු ලබා දෙන නිර්දේශ ප්‍රකාරව ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජේ.සී සූරිබණ්ඩාර පවසයි.
මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ වෙඩි තැබු මාපාකඩ වැව වනජීවී ප්‍රාදේශීය කාර්යාලයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අත්අඩංගුවට ගත් නිලධාරියා මාපාකඩ වැව වනජීවී ප්‍රාදේශීය කාර්යාලයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියෙකු බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම නිලධාරියා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…