පොලොන්නරුව වැලිකන්ද පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (29) රාත්‍රියේ දී ඔහුගේ කාමර තුළ සැක කටයුතු ලෙස මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයකු වන අංක 25, ප්‍රධාන පාර, එරාවුර් 02, වාලච්චේන, පදිංචි මහමුල් මොහොමදු හනීෆා නැමැති නිලධාරියෙක් පොලිසිය පවසයි.
ඔහු 29 වෙනිදා රාත්‍රියේ පොලිස් ජංගම රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීයෙකු බවත්, රාජකාරිය කටයුතු අවසන් වී ඔහුගේ කාමරය තුළ නින්දට ගිය විටදී මෙම මරණය සිදුව ඇති බවත් අප වැලිකන්ද පොලිසියෙන් කළ විමසීමක දී සඳහන් කළේය.
වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාගෙන් මේ පිළිබඳ විමසීමේදී ඔහු පැවසුවේ මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකරන බවය.
මේ පිළිබඳව ස්ථානීය පරීක්ෂණයක් මෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (30) සිදු කිරීමට නියමිත බව ද වැලිකන්ද පොලිසිය කියයි.
මේ අතර පොලිස් සැරයන්වරයා මියගිය හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසීය.
වැලිකන්ද පොලිස් ස්ථානයේ බැරැක්කයක් තුළ එහි සේවයේ නියුතුව සිටි පොලිස් සැරයන්වරයෙකු අද අලුයම් කාලයේදී මිය ගිහිල්ලා තියෙනවා. මෙම මියයෑම යම්කිසි හදිසි අනතුරක් නිසා සිදුවුණ දෙයක්කද නැත්නම් සියදිවි නසාගැනීමක්ද එසේත් නැත්නම් වෙනයම් ආකාරය මනුෂ්‍ය ඝාතනයක්ද කියන කාරණය පැහැදිලි නැහැ. කොට්ඨාස අපරාධ පරීක්ෂණ ස්ථාන නිලධාරීන් එම ස්ථානය පරීක්ෂා කරලා තියෙනවා.
මේ වනවිට හරියට නිඟමනයකට එන්නට බැහැ. ඒ වගේම කිසිම තොරතුරක් අනාවරණය වෙලා නැහැ. මේ පොලිස් සැරයන්වරයා මිය ගියේ කුමන හේතුවකින්ද කියන කාරණය. ඔහු වයස අවුරුදු 52ක පුද්ගලයෙක්. එරාවුර් ප්‍රදේශයේ පදිංචි විවාහාක නිලධාරියෙක්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…