සිපෙට්කෝ සහ IOC සමාගම් ඉන්ධන මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක පැවති මිල රුපියල් 361ක් වන අතර, නව මිල රුපියල් 365ක්.ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 04කින් ඉහළ දමා තිබෙනවා.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක පැවති මිල රුපියල් 417ක් වන අතර, නව මිල රුපියල් 420ක්.ඒ අනුව ඔක්ටේන් 52 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ දමා තිබෙනවා.
ඔටෝ ඩීසල් ලීටරයක පැවති මිල රුපියල් 341ක් වන අතර, නව මිල රුපියල් 351ක්.ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා.සුපර් ඩීසල් ලීටරයක පැවති මිල රුපියල් 359ක් වන අතර, නව මිල රුපියල් 421ක්.ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 62කින් ඉහළ දමා තිබෙනවා.
එමෙන්ම භූමිතෙල් ලීටරයක පැවති මිල රුපියල් 231ක් වන අතර, නව මිල රුපියල් 242ක්.ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල රුපියල් 11කින් ඉහළ දමා තිබෙනවා.
එමෙන්ම අද සවස 06.00 සිට ක්‍රියාත්මක වන පරිදි සිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ලැබුවා.ඒ රුපියල් 356 ක් ව පැවති සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 417 ක් ලෙස රුපියල් 61 කින්,රුපියල් 414ක් වූ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 420ක් ලෙස රුපියල් 06කින්,රුපියල් 338 ක් වූ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 348 ක් ලෙස රුපියල් 10 කින් ද මිල ඉහළ දමා තිබෙනවා.
කෙසේ වෙතත් සිනොපෙක් සමාගම ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක මිල සංශෝධනයක් සිදුකර නැහැ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
කාලකන්නි හැත්ත