ශ්‍රී ලංකා

සීතා ඇතින්නියගේ පපුවේ ජීව උණ්ඩ උණ්ඩ 7ක්, වෙඩි තබා ඇත්තේ බීමතින් – හීලෑ අලි ඇතුන් හිමියන් පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි !

මහියංගනය රජ මහා විහාරයේ පෙරහරට ගෙනවිත් මහියංගන සමන් දේවාලය අභියස ගඟ අද්දර රඳවා සිටි මහරගම සීතා ඇතින්නියට වෙඩි තැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වැරදි කරුවන් වෙත දඬුවම් ලබා දෙන ලෙස හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම සංගමයේ ලේකම් දම්සිරි බණ්ඩාර පවසන්නේ මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ රබර් උණ්ඩවලින් නොව ජීව උණ්ඩ භාවිතා කරමින් යැයි පශු වෛද්‍ය නිරීක්ෂණයන්ගෙන් පැහැදිලි වූ බවය.

ලේකම්වරයා කියන්නේ සීතා ඇතින්නියට වෙඩි තැබූ වනජීවී ආරක්ෂක සේවයේ සිටි සිවිල් ආරක්ෂකයා බීමතින් සිටි බවට තොරතුරු අනාවරණය වුවද ඒ බව තහවුරු කරගැනීමට පොලිසිය කිසිම පියවරක් ගෙන නොමැති බවය.

මේ අවිචාරවත් හැසිරීම ගැන චෝදනා කරන හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ මහිංයගනය පෙරහරට රැගෙන එන අලි ඇතුන් රඳවා තබන්නේ මහියංගන සමන් දේවාලය අභියස ගඟ අද්දර බව නොදන්නා දරුවෙක්වත් ප්‍රදේශයේ නොමැති බවය.

මේ අතර සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළට උණ්ඩ හතක් වැදී ඇති බව ඇතාට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අශෝක දංගොල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

වෙඩි කෑ සීතා ඇතින්නිය ගැන පරීක්ෂාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල සමග හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමයේ සභාපති, දියවඩන නිලමේ නිලංග දෑල, සහ සංගමයේ ලේකම්වරයා ලෙස තමන් මහිංගනය ගිය බව දම්සිරි කරුණාරත්න පැවසුවේය.

මෙවැනි අනාරක්ෂිත තත්ත්වයක් තුළ හීලෑ අලි ඇතුන් දුර පළාත්වල පෙරහරට සම්බන්ධ කීරීම පිළිබඳව නැවත සිතා බැලිය යුතු තත්ත්වයක් ඇතැයි එම සංගමයේ ලේකම්වරයා පැවසුවේය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago