ශ්‍රී ලංකා

ශ්‍රී ලංකාවට අහිමි වූ රිදී පදක්කම

චීනයේ හංජෝ නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උ‍ලෙළේදී ශ්‍රී ලංකාවේ තවත් පදක්කමක් බලාපොරොත්තුවක් අද ගිලිහි ගියේය. ඒ, මීටර 400×4 මිශ්‍ර සහය දිවීමේ තරගය සම්බන්ධයෙන් තබා තිබූ බලාපොරොත්තුවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පදක්කම් බලාපොරොත්තු සපල කරමින් මීටර් 400 මිශ්‍ර සහාය ඉසව්වෙන් තවත් රිදී පදක්කමක් දිනාගත්තද ආසියානු ක්‍රීඩා බලධාරීන් එම පදක්කම ශ්‍රී ලංකාවට අහිමි කිරීමට පියවර ගත්තේය.

ඊට හේතුව වනුයේ තරග අවසානයේදී මංතීරු නීති උල්ලංඝනය කිරීමය.

තරගය ආරම්භ කළ අරුණ දර්ශන, වැරදි මංතීරුවක් ස්පර්ශ කිරීම නිසා කණ්ඩායම තරගයෙන් ඉවත් කෙරුණි.

එනම් ආසියානු ක්‍රීඩා උළෙලේ තරග නීතිරීති අතර, TR17.3.1 උල්ලංඝනය කිරීමෙන් ශ්‍රී ලංකාව දිනාගත් රිදී පදක්කම තෙවැනි ස්ථානයට පත්වූ ඉන්දියාවටත් ලෝකඩ පදක්කම කසකස්තානයටත් පිරි නැමීමට තරග සංවිධායකයින් කටයුතු කළේය.

මෙම තරගයේ රන් පදක්කම බහරේනයටත් (මිනිත්තු 3.14.02) රිදී පදක්කම ඉන්දියාවටත් (මිනිත්තු 3.14.34) ලෝකඩ පදක්කම කසකස්තානයටත් (මිනිත්තු 3.24.85) හිමිවිය.

ශ්‍රී ලංකා මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායමට අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, නදීෂා රාමනායක සහ තරුෂි කරුණාරත්න ඇතුළත් විය.

වසර 17 කට පසු ආසියානු ක්‍රීඩා උලෙළකදී මලල ක්‍රීඩා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට හිමි වීමට තිබූ පදක්කමක් එලෙස අහිමි වී ගියේය.

TEAM CNF 02

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago