රනිල් පරල වෙයි – පාස්කු ප්‍රහාරය සම්බන්ධව හෝ කිසිම සිද්ධියක් සම්බන්ධව ජාත්‍යාන්තර පරීක්ෂණ නොපත්වන බව දැඩිව කියයි (VIDEO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජර්මනියේ Duetsche Welle DW News අතර සම්මුඛ සාකච්ඡාවක දී ජනාධිපතිවරයා අතිශය ආවේගශීලීව හැසිරෙමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව කිසිම ජාත්‍යාන්තර පරීක්ෂණයක් නොපත්වන බව ඍජුව ප්‍රකාශ කළේය.

ඔහු අවධාරණය කළේ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු නොකරන බවය.

තමා ගනුදෙනු කරන්නේ කාදිනල් සමග නොව කතෝලික අගරදගුරු සම්මේලනය සමග බව ඔහු පැවසුවේය.

කිසිම අකරුණක් අරභයා ජාත්‍යන්තර පරීක්ෂණයක් නොපවත්වන බව කී ජනාධිපතිවරයා එක්සත් රාජධානිය හෝ ජර්මනිය එවැනි පරීක්ෂණයක් සිදුකර තිබේදැයි විමසුවේය.

ජර්මනියට එහෙම පරීක්‍ෂණ නෑ, UK එහෙම පරීක්‍ෂණ නෑ, මොන ජාත්‍යන්තර පරීක්‍ෂණවලටද ගිහින් තියෙන්නේ? ඇයි ලංකාවෙ අයටයි ආසියාතිකයන්ටද? ඔබ හිතන්නේ අපි දෙවෙනි පන්තියේ කියලද?

ජනාධිපතිවරයා විමසීය.

ඔබ මේ බටහිර ආකල්පය අයින් කරන්න ඕන. බටහිර මාධ්‍ය හිතන්නේ අපි නරකයි කියලා. අපි පරීක්ෂණයක් කරන්නේ ශ්‍රී ලංකාවේ අය යොදාගෙන. ඔබ කාදිනල්ගේ කොළ කෑල්ලක් අරන් මෙතන කියවනවා. කතෝලික රදගුරු මණ්ඩලයට කතා කළාද?

කතෝලික රදගුරු මණ්ඩලයට කතා කළාද?

තමන් එවැන්නක් සිදුනොකළ බව ඊට ප්‍රතිචාර ලෙස ඩොයිෂි වෙල් පැවසූ වේය.

එහෙම නැත්නම් ඔයාට මගෙන් මේ ප්‍රශ්නය අහන්න අයිතියක් නැහැ, ඔයා මෙතනට ආවේ මගෙන් මේ ප්‍රශ්න අහන්න නෙවෙයි, මාව කොන් කරන්නයි ආවේ,

ජනාධිපතිවරයා මාධ්‍යවේදියාට බැන වැදුණේය.

විකාර කතා නොකරන ලෙස ඩොයිෂි වෙල්ට දැන්වූ ජනාධිපති මෙවැනි ප්‍රශ්නකිරීම් කිරිමට ඔහුට අයිතියක් නැති බවත්, ආසියාතිකයන් දෙවන පෙළ පුරවැසියන් සේ සිතන මෙම ආකල්ප ඉවත් නොගන්නේ නම් මෙම සම්මුඛ සාකච්ඡාව නවත්වන බවත් පැවසුවේය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago