World Cup 2023

World Cup 2023 – ලෝක කුසලානයේ ආරම්භයට පැය 24ක් තිබියදී සමාරම්භක උළෙල අවලංගු කරයි !

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය (World Cup 2023) ආරම්භයට පෙර පවත්වන සමාරම්භක උළෙල ඊයේ (04) පස්වරු 7.00ට අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණද ඊට පැය 24ක් තිබියදී එය හදිසියේම අවලංගු කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළා.

මෙම තීරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ නිල සමාරම්භක උත්සවයක් නොපැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

ගිනිකෙළි සහ ලේසර් සංදර්ශන ඇතුළත්ව අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සූදානම්ව තිබූ මෙම සමාරම්භක උත්සවයට ආශා බෝස්ලේ, රන්වීර් සිං, ආර්ජිට් සිං, ශ්‍රෙයා ඝෝෂාල් ඇතුළු බොලිවුඩයේ ජනප්‍රිය තරු රැසක් සහභාගීවීමට සිටි හෙයින් විශාල පිරිසක් සමාරම්භක උලෙළ නැරැඹීමේ අපේක්ෂාවෙන් සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේ වුවද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ක්‍රිකට් නායකයින් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීම සිදු කිරීමට මෙදින කටයුතු යොදා තිබේ.

එය ක්‍රිකට් තරගාවලියේ ‘නායකයින්ගේ දිනය‘ ලෙසින් නම් කොට ඇත. ‘නායකයින්ගේ දින‘ කටයුතු සැලසුම් කළ පරිදි සිදු වෙද්දී සමාරම්භක උත්සවය අවලංගු කිරීම සම්බන්ධයෙන් විධිමත් ප්‍රකාශයක් නොකිරීම පිළිබඳ බොහෝ දෙනා විමතිය පළ කරනවා.

මෙම දැවැන්තම ක්‍රිකට් තරගාවලියේ සාම්ප්‍රදායිකව පවත්වනු ලබන සමාරම්භක උත්සවය වෙනුවට මේ 14 වැනිදා අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දියාව සහ පාකිස්ථානය අතර ගැටුමට පෙර විශේෂ උත්සවයක් සංවිධාන කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සූදානම් වනවා.

කෙසේ වුවද ආරක්ෂක හේතුන් මත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිදු වන බොහෝ කටයුතු සම්බන්ධයෙන් පූර්ව ප්‍රචාරයන් සිදු නොකිරීමට සංවිධායක මණ්ඩලය තීරණයක් ගෙන තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

21 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago