අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව හෙට පස්වරු පහේ සිට පසුදින එනම් ඔක්තෝම්බර් මස 08 වැනිදා පෙරවරු අට දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.
එලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්රදේශවලටයි.
ජල පාරිභෝගිකයින්ගෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඉල්ලා සිටින්නේ අවශ්‍ය ජලය කල්තබා රැස් කර ගන්නා ලෙසයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…