ක්‍රිකට්

World Cup 2023 – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් නියම වෙයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා තිබෙනවා.

ඒ, ඊයේ (07) දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැති තරගයේ දී අඩු පන්දුවාර වේගයක් රඳවාගැනීම හේතුවෙන්.

ශ්‍රී ලංකා කණ්ඩායම විසින් නියමිත වේලාවට පන්දුවාර දෙකක් අඩුවෙන් යොමු කර ඇති බවයි තරග තීරකවරයා තීරණය කළේ.

ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව මෙම දඩ මුදල නියම කර තිබෙනවා.

ප්‍රමාද වන පන්දුවාරයකට තරග ගාස්තුවෙන් සියයට 5ක දඩ මුදලක් නියම වනවා.

නායක දසුන් ශානක විසින් අදාළ ප්‍රමාදය පිළිගෙන ඇති බව ද සඳහන්.

මෙම තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 102කින් ජයගැනීමටයි සමත් වුණේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago