ශ්‍රී ලංකා

“කතෝලික රදගුරු සමුළුවේ සාමූහිකත්වයට හානි කරන්න එපා” – ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව රනිල් වික්‍රමසිංහට ලිපියකින් අමතයි !

කාදිනල් හිමි ගැන ඒකීයව කරන ඕනෑම සඳහනක්, කතෝලික රදගුරු සමුළුවේ සාමූහිකත්වයට කරන හානියක් බව පවසමින් එම සමුළුව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපිය මඟින් තවදුරටත් පෙන්වා දී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මා පසුගියදා ඩොයිෂ් වෙල් නමැති ජර්මානු රූපවාහිනී නාලිකාවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා රදගුරු සමුළුව සහ කාදිනල් හිමිපාණන් පිළිබඳව සිදු කළ ප්‍රකාශයන් පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමුව ඇති බවයි.

මෙම සාකච්ඡාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකදී තමා ගනුදෙනු කරන්නේ රදගුරු සමුළුව සමඟ මිස කාදිනල්වරයා සමඟ නොවන බව ජනාධිපතිවරයා පවසා තිබුණා.

මේ අතර, ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අදාළ සාකච්ඡාවේදී සඳහන් කළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් FBI, බ්‍රිතාන්‍ය පොලිසිය, ඉන්දියාව, චීනය, ඔස්ට්‍රේලියාව සහ පකිස්ථානයේ රහස් ඔත්තු සේවා නිකුත් කළ වාර්තාවල පිටපත් ඉල්ලා තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ එවැනි වාර්තා පිළිබඳව මින් පෙර කිසිදු අවස්ථාවක මහජනතාවට හෝ කතෝලික රදගුරු සම්මේලනයට දැනුම් දීමක් සිදු කර නොමැති බවයි.

රදගුරු සම්මේලනයට රදගුරු පදවි 12 හි රදගුරුවරුන් සහ කොළඹ සහායක රදගුරුවරුන් තිදෙනා ඇතුළත් වන අතර ඔවුන් සියල්ලෝම මෙම ලිපියට අත්සන් තබා තිබෙනවා.

අදාළ ලිපිය පහතින්,

Sinhala-9th-October-2023

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago