ලබන වසරේ ජනවාරි මාසයේ සිට සියලු පෞද්ගලික බස් රථ දුම් පරීක්ෂාව සිදුකිරීමෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ පවසයි.
එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ, දුම් පරීක්ෂාව සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් නොමැති පසුබිමක මෙම තීරණය ගත් අතර ඒ සම්බන්ධයෙන් මෙම සතියේ දී ප්‍රවාහන බලධාරීන් ලිඛිතව දැනුවත් කිරිමට පියවර ගන්නා බවය.
කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව සඳහන් කළේය.
“බරපතළ අර්බුදයක් තියෙනවා, මේ දුම් පරීක්ෂාව පිළිබඳව විශේෂයෙන්ම දැන් ඒ් නිසා අපි සංගමයක් විදියට තීරණයක් අරන් තියෙනවා. මේ දුම් පරීක්ෂාව ජනවාරී මාසයේ සිට අපි අත්අරින්න කටයුතු කරනවා. මොකද දුම් පරීක්ෂාව කියන එක ප්‍රායෝගික නෑ. විශේෂයෙන් අපි දිගින් දිගටම කිව්වා, එකක් තියෙනවා ඉන්ධනවල ප්‍රමිතිය, ඩීසල්වල ප්‍රමිතිය බරපතළ අර්බුදයක තියෙන්නේ. ලොකුවට කතාබහ කරනවා මේ පරිසරය ආරක්ෂා කරන්න ඕනේ, පරිසරය සුරක්ෂිත කරන්න ඕනේ කියලා. මේ ලබාදෙන ඩීසල්වල ප්‍රමිතිය පිළිබඳවත් බරපතළ ගැටලුවක් තියෙනවා. අනිත් කාරණාව තමයි මේ ලංගමට දුම් පරීක්සාවක් නෑ. රජයේ වාහනවලට දුම් පරීක්ෂාව නෑ. එතකොට පෞද්ගලික බස් රථත් එකම ගාස්තුවට ධාවනය කරන්නේ, එකම සේවය කරන්නේ. නීතිය දෙයාකාරයකින් සලකන්න කාටවත් හැකියාවක් නෑ. ඒ් නිසා අපි එළැඹෙන සතියේ ලිඛිත දැනුම්දීමක් කරනවා ප්‍රවාහන අමාත්‍යාංශයට අපි ජනවාරි මාසයේ සිට දුම් පරීක්ෂාවෙන් අපේ බස් රථ ඉවත් කරන්න කටයුතු කරන්න.”
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…