පසුගිය සති 6ක පමණ කාලයේ දී ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි පාසල් ගොඩනැගිලි පනහක් පමණ කඩා වැටී තිබෙනවා.
මෙම ගොඩනැගිලිවල අධ්‍යාපනය ලැබූ දරුවන් සහ ගුරුවරුන් වෙනත් පාසල්වලට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා සඳහන් කළේ, මෙලෙස කඩා වැටී තිබෙන ඇතැම් ගොඩනැගිලි සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුව ඇති බවයි.
ඇතැම් ඒවා ප්‍රතිසංස්කරණය කළ හැකි මට්ටමේ පවතින අතර ලෝක බැංකු ආධාර යටතේ නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා මුදල් වෙන් කිරීමට නියමිත බව ද ලේකම්වරයා සඳහන් කළා.
ඒ අනුව මාස දෙකක් ඇතුළත නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට හැකියාව පවතින බව ද සඳහන්.
කඩා වැටී තිබෙන ඇතැම් ගොඩනැගිලි වසර පනහ හැට පැරණි බවයි වාර්තා වන්නේ.
මේ වෙනුවෙන් පසුගිය කාලයේ අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ ව්‍යාපෘති යටතේ නව ගොඩනැගිලි ඉදිකර තිබෙන නමුත් මෙවැනි ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමට අවධානය යොමු කර නැති බව ද දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා පැවසූවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…