අධ්‍යාපනික

කොළඹ පාසල් සිසුන් අතර බෝවන රෝගයක් ව්‍යාප්ත වෙයි, පාසලක ශ්‍රේණි 3ක් වසා දමයි – දෙමව්පියන්ට විශේෂ දැනුම් දීමක් !

කොළඹ අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් අතර ඇස් රෝගය බෝවන රෝගයක් ලෙස සීග්‍ර ලෙස පැතිර යන බවට කලාප අධ්‍යාපන කාර්යාලය අනතුරු අඟවා තිබෙනවා.

සියලුම විදුහල්පතිවරුන්ට ලිපියක් යොමුකරමින් කොළඹ කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂ පී.ආර්. දේවබන්දු මහතා කියා සිටියේ ඇස් රෝගය වැළඳී ඇති සිසුන් සිටී නම් වහාම පාසල අයත්වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුවත් කර නිර්දේශ ලබා ගන්නා ලෙසයි.

එසේම, පාසලේ එලෙස ඇස් රෝගය වැළඳී ඇති සිසුන් සිටී නම් අනෙක් සිසුන්ගෙන් වෙන් කර තබා ගන්නා ලෙසද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා එමඟින් දැනුම් දී තිබෙනවා.

මේ ආකාරයට විදුහල්පතිවරුන් දැනුවත් කර ඇත්තේ කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ 06, 07 සහ 08 ‍‍ශ්‍රේණිවල සිසුන් ඇස් රෝගයට ගොදුරුවීමත් සමඟයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල නිර්දේශ අනුව ඊයේ දිනයේ සිට එම පාසලේ අදාළ පන්තිවල අධ්‍යාපන කටයුතු සිදු නොකිරීමට තීන්දු කළ බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් ජයවීර මහතා කියා සිටියා.

මෙම අක්ෂි රෝගය වැළඳුණු සිසුන් 35 දෙනෙකු පමණ එම පාසලේ සිටි බවත්, එම තත්ත්වය මත කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ 06, 07 සහ 08 ‍‍ශ්‍රේණි මෙම සතියේ වසා දැමිමට කටයුතු කළ බවත් කොටහේන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පැතුම් කොඩිකාර මහතා තවදුරටත් කියා සිටියා.

ඇස් රෝගය දින තුනක පමණ කාලයක් පවතින බවත් ළමයින්ගේ ඇස් රතු වී කැසීමක් සිදුවන්නේ නම් නිවසේදී ප්‍රතිකාර නොගෙන වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසත් ඔහු දෙමව්පියන්ට දැනුම් දෙනවා. මේ වනවිට ළමයින් අතර මෙන්ම වැඩිහිටියන් අතරද මෙම අක්ෂි වෛරසය ව්‍යාප්ත වෙමින් පවතිනවා.

එම නිසා ඒ පිළිබඳවද අවධානයෙන් සිටිම වැදගත් වන අතර අක්ෂි රෝගය වැළඳුණු පුද්ගලයකුගේ කඳුළු මගින් අනෙක් පුද්ගලයන්ටද කඩිනමින් වෛරසය ව්‍යාප්ත වන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කළා.

සාමාන්‍යයෙන් අක්ෂි රෝග වැළඳීම සිදුවන්නේ උෂ්ණ අධික කාලයක වුවද පසුගිය වැසි සමයේ මෙම අක්ෂි වෛරසය ව්‍යාප්ත වීම විශේෂත්වයක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago