අනතුරු

නිවාඩුවට ගෙදර පැමිණි 24 හැවිරිදි පොලිස් කොස්තාපල්වරිය ටිපර් රථයකට බිලිවෙයි !

රිය අනතුරකින් බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් කොස්තාපල්වරියක අද (ඔක්. 11) අලුයම මියගොස් තිබේ.

ගලේවෙල පොලිස් වසමේ, අඹේපුස්ස ත්‍රිකුණාමලය මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශයේදී ඊයේ (ඔක්. 10) උදෑසන කුරුණෑගල දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ ටිපර් රථයක ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් අදාළ පොලිස් කොස්තාපල්වරිය පැදවූ යතුරුපැදිය මුහුණට මුහුණ ගැටී ගැටී මෙම අනතුර සිදු වී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලබා ඇති පොලිස් කොස්තාපල්වරිය දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය සඳහන් කළේ ය.

වයස අවුරුදු 24ක් වූ තලකිරියාගම, ඇතාබැඳිවැව, පහළ වැව ප්‍රදේශයේ පදිංචි චන්දිමා ගිම්හානි දිල්රුක්ෂි නමැති ඇය පේදුරුතුඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිට තිබේ.

පොලිසිය වැඩිදුරට ත් සඳහන් කළේ, මෙම පොලිස් නිලධාරිනිය නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව ය.

අනතුරින් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරිය දඹුල්ල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇයගේ එක් පාදයක් ඉවත් කර තිබුණු බව ත් එක් අතක් ද ඉවත් කිරීම සඳහා සැත්කමක් සිදු කිරීමට අවශ්‍යව තිබුණු බව වෛද්‍යවරුන් ඥාතීන් වෙත ප්‍රකාශ කර තිබුණු බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

මිය ගිය පොලිස් කොස්තාපල්වරියගේ මව සඳහන් කර ඇත්තේ, තම දියණිය ඊට පෙර දින නිවාඩු ලබා රාත්‍රියේ නිවසට පැමිණ තිබුණු බව ය.

පසු දා උදෑසන ඇය යතුරුපැදිය රැගෙන තම සහෝදරයන්ගේ දරුවන් සඳහා සෙල්ලම් බඩු සහ නිවසට බඩු බාහිරාදිය රැගෙන ඒමට තම පියාට දීමට මුදල් ලබා ගැනීම සඳහා දඹුල්ල නගරයට ගොස් එන අතරතුරදී මෙම අනතුරු සිදුව ඇත බව මව සඳහන් කර ඇත.

ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මිය ගිය කොස්තාපල්වරිය පොලිස් සේවයට බැඳී වසර තුනක කාලයක් පමණ වන බව ය.

මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

අනතුරට පත්වූ යතුරු පැදිය
Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago