අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මීට සුළු මොහොතකට පෙර රාගම ශුද්ධ වූ පේදුරු හා පාවුලු දේවස්ථානයේදී සිදුකෙරිණි.
එම අවස්ථාවට කලාකරුවන්, දේශපාලනඥයින් ඥාතීන් ඇතුළු අතිවිශාල ජනකායක් එක්ව සිටියේය.
අද දින ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ අවමංග්‍ය සභාවේ ස්තූති කතාව සිදුකරමින් ඔහුගේ කණිටු පුත් සජිත ඇන්තනී සදහන් කළේ
දින 458ක් තිස්සේ මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතියක් උල්ලංඝණය කරමින් අපේ අප්පච්චි රෝහල් ගත වෙලා හිටියේ නෑ! අපේ පවුලේ අය එකතු වෙලා ජාතික රෝහලට පරිත්‍යාග කරපු Ventilator යන්ත්‍රයක හුස්ම ගනිමින් තමයි හිටියේ, දැන් ඒ යන්ත්‍රයෙන් තව අවුරුදු 10,15ක් යනකල් හුස්ම හොයන මිනිස්සු ජීවත් වෙයි මේ දක්වා ඒ ගැන නොකියා හිටියේ පින් කරලා අඬබෙර ගහන්න අවශ්‍ය නැති නිසා සහ අප්පච්චි එහෙම වැඩ වලට අකමැති නිසා
ලෙසයි.
2022 ජුලි මස 22 දින ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනෙකු ගමන්ගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටී අනතුරකට ලක්වුණේ අනුරාධපුර තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දීයි.
එහිදී බරපතල තුවාල ලැබූ ඔහු අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු අතර, අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මඟින් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන එනු ලැබුවා.
ඉන් අනතුරුව මාස 14කට අධික කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත් වුයේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…