Israel-Hamas War – පැය 24ක් තුළ ගාසා තීරයේ උතුරු ප්‍රදේශයෙන් ඉවත්වන්න, ඊශ්‍රායලය ගාසා වැසියන්ට දැනුම් දෙයි !

ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ වෙසෙන සියලු දෙනාට දකුණු ප්‍රදේශය වෙත ඉවත් වීමට ඊශ්‍රායලය පැය 24 කාල සීමාවක් ලබා දී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඒ අනුව උතුරු ගාසාහි, වඩි ගාසා නගරයට උතුරින් වෙසෙන සියලූ දෙනා දකුණු ගාසා තීරයේ නැවත පදිංචි කරවන ලෙස ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මෙය ආසන්න වශයෙන් මිලියන 1.1 ක ජනතාවක් බවය. එය ගාසා තීරයේ සමස්ත ජනගහනයෙන් අඩක් පමණ වනු ඇත.

බලපෑමට ලක්වන ප්‍රදේශයට ජනාකීර්ණ ගාසා නගරය ද ඇතුළත් වේ. ගාසා සහ ජෙරුසලමේ වේලාවෙන් මධ්‍යම රාත්‍රියට පෙර, (GMT 23:00) ඊශ්‍රායලය මෙම අනතුරු ඇඟවීම ලබා දී ඇත.

“දැඩි විනාශකාරී මානුෂීය ප්‍රතිවිපාකයක් නොමැතිව එවැනි ක්‍රියාමාර්ගයක් ගත නොහැකි” බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඊශ්‍රායලය ගාසා තීරයේ දේශසීමාව ආසන්නයට සොල්දාදුවන්, බරඅවි, කාලතුවක්කු සහ යුද ටැංකි එක්රැස් කරමින් ගොඩබිම් ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටී.

හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ හදිසි ප්‍රහාරයෙන් පසු සෙනසුරාදා සිට ඊශ්‍රායලය ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටියි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago