ශ්‍රී ලංකා

කොස්ලන්දේ පවුල් 244ක් හදිසියේම ඉවත් කරයි !

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පවුල් 244ක් පමණ ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.ඒ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයන්ට අනුවයි.

ඒ අනුව කොස්ලන්ද මීරියබැද්ද පැරණි නායගිය ස්ථානය දෙපස සහ ඒ ආසන්න ප්‍රදේශයේ ජනයා මෙලෙස ඉවත් කළ බවයි, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ. ප්‍රියංගිකා මහත්මිය ප්‍රකාශ කළේ.

පවතින ධාරානිපාත වර්ෂාවත් සමග නායයාමේ අවදානමක් එම ප්‍රදේශ අවට මතු වී තිබුණා.

කොස්ලන්ද මීරියබැද්ද පවුල් එකසිය හතළිස් හතරක් කොස්ලන්ද තේ කර්මාන්තශාලාවටද මහකන්ද පවුල් විසිතුනක් මල්වැන්න තේ කර්මාන්ත ශාලාවටද දිවුල්ගසමුල්ල පවුල් අසූ එකක් කොස්ලන්ද සිංහල විදුහලට හා කොස්ලන්ද දෙමළ මහ විදුහලටද තාවකාලිකව ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

රාත්‍රියේ කරුවල සමග වන අලි ගැවසීම නිසා මහා කන්ද වත්ත ප්‍රදේශයේ පවුල් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමේදී සුළු බාධා එල්ල වූ බව සඳහන්.

මෙම කඳවුරුවල මේ වනවිට පුද්ගලයින් 768 දෙනකු සිටින බවයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ ඒ ජේ ප්‍රියංගිකා මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

21 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago